2025 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව එලැඹෙන සතියේ ආරම්භ වේ
‘වර්ධනයට පිවිසුම - ආසියාවේ නැගී එන අවස්ථාව’ යන තේමාව යටතේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන 2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2025 දෙසැම්බර් 02 සහ 03 යන දිනවල පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව සඳහා ලොව පුරා ජාත්‍යන්තර නියෝජිතයින් 100කට අධික සංඛ්‍යාවක් ඇතුළුව 850කට අධික සහභාගිවන්නන් පිරිසක් පැමිණෙනු ඇති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සමග නැවත සම්බන්ධ වීමට අපේක්ෂා කරන ව්‍යාපාරික නායකයන් සඳහා මෙය කේන්ද්‍රීය රැස්වීම් ස්ථානයක් ලෙස සමුළුවේ වර්ධනය වන භූමිකාව මෙම ශක්තිමත් ගෝලීය ප්‍රතිචාරයෙන් පිළිබිඹු වේ. එහිදී, ඔස්ට්‍රියාව, බංග්ලාදේශය, භූතානය, චීනය, ඉතියෝපියාව, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඉරාකය, ජපානය, මැලේසියාව, මාලදිවයින, පකිස්ථානය, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.
මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවෙන් සහ විදේශයන්ගෙන් ඉහළ පෙළේ කථිකයන් 40කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර, ඔවුන් වෙළෙඳාම, ආයෝජන, නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය, තාක්ෂණය, සැපයුම්, සංචාරක, මූල්‍ය සේවා සහ කෘෂිකර්මාන්තය ඇතුළු පුළුල් පරාසයක් ආවරණය කරයි. නැගී එන අවස්ථා, ප්‍රතිපත්ති සංවර්ධනයන් සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් වර්ධනයට හේතු විය හැකි ක්ෂේත්‍ර පිළිබඳව ව්‍යාපාරවලට අද්විතීය අවබෝධයක් ලබාදීම සඳහා න්‍යාය පත්‍රය සැලසුම් කර ඇත.
නව ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රකෘතියේ දිශාව අවබෝධ කර ගැනීම සඳහා සෘජු නාලිකාවක් ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත විශේෂඥයින්ගෙන් සෘජුවම සවන් දීමට සහභාගිවන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත.
සමුළුවේ කටයුතුවලට අමතරව, වෙළෙඳාම, ආයෝජන සහ ව්‍යාපාර වර්ධන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ඉහත සඳහන් රටවල නියෝජිතයන් සමග B2B සහ රජය හා ව්‍යාපාර අතර රැස්වීම් අවස්ථා හරහා ජාලගත වීමට සහභාගිවන්නන්ට අවස්ථාව ලැබේ.
මෙවර සමුළුවේ ප්ලැටිනම් අනුග්රාහකයන් ලෙස නෙස්ලේ, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව, යුනිලීවර්, රිදී අනුග්රාහකයන් ලෙස වීසා, ලෝකඩ අනුග්රාහකයන් ලෙස සවුත් ඒෂියන් ගේට්වේ ටර්මිනල්ස්, සැසි අනුග්රාහකයන් ලෙස කොළඹ කොටස් හුවමාරුව සහ සන්ෂයින් හෝල්ඩින්ග්ස්, රූපවාහිනී සහකරු ලෙස ඩයලොග් රූපවාහිනිය, විදුලි සංදේශ සහකරු ලෙස ඩයලොග්, ආගන්තුක සත්කාර සහකරු ලෙස ෂැන්ග්‍රි-ලා හෝටලය, කොළඹ උපායමාර්ගික හවුල්කරුවන් ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව, වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය, උපායමාර්ගික සංවර්ධන සහකරු ලෙස ආසියානු සංවර්ධන බැංකුව, දැනුම සහකරු ලෙස ලෝක බැංකුව, නිල සැපයුම් සහකරු ලෙස හේලීස් ඇඩ්වාන්ටිස්, නිල සංචාරක සහකරු ලෙස ජෙට්වින් ට්‍රැවල්ස් සහ නිල ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කරනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

