තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ITBPO) ආශ්‍රිතව වසර 2022 වනවිට ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා ලක්ෂ 04ක් පමණ උත්පාදනය විය හැකි බව අපේක්ෂා කරයි.
මේ සඳහා වන මානව සම්පත සුදානම් කිරීමේ එක් අදියරක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දිවයිනේ පාසල් මට්ටමින් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මේ අනුව ගාල්ල මාතර කුරුණෑගල නුවර අනුරාධපුරය බදුල්ල යාපනය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 11ක පමණ මෙම වැඩසටහන සාර්ථක ලෙස පවත්වා අවසන් කර තිබෙන බවත්, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස්දහසක් පමණ පිරිසකට මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙන බවත් නියෝජිතායතනය පවසයි.
ඒ අනුව, මෙහි අලුත්ම දැනුවත් කිරීමේ වැඩසටහන නැගෙනහිර පළාතේ පාසල් 60 කට අයත් පාසල් ශීෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහස් පන්සියයකගේ පමණ සහභාගිත්වයෙන් මඩකලපුව මහජන විද්‍යාලයේදී පැවැත්විණි.