2021 ජූලි මාසයේ අපනයන ඩොලර් බිලියනය ඉක්මවයි
2021 වසරේ මාර්තු මාසයේදී පමණක් මෙවැනිම ජයග්‍රහණයක් වාර්තා වූ මාස හතරක කාලයෙන් පසු 2021 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ඇ.ඩො.බිලියනයක සීමාව ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, 2021 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව ඇ.ඩො.මිලියන 1099.41 ක් වටිනා අපනයන වාර්තා කළ අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ජයග්‍රහණය වෙයි.
එය 2020 ජූලි මාසයේදී ලබාගත් ඇ.ඩො.මිලියන 1,085ක අගයට වඩා 1.33%ක වර්ධනයක් සහ වැඩි වීමක් මෙන්ම, 2019 ජූලි මාසයේදී ලබාගත් ඇ.ඩො.මිලියන 978.2ක අගයට වඩා 12.39%ක වැඩි වීමක් පෙන්නුම් කර තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා පවසා සිටියේ, වසංගතය අතරතුර අපනයන ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලාංකේය අපනයනකරුවන් දැක්වූ උපරිම ධෛර්යය, අධිෂ්ඨානය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් හේතුවෙන් ලෝක වසංගත තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ අපනයන කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

