2021 විදේශ ණය රැසක් ගෙවා අවසන් - කබ්රාල්
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) අද (ජූලි 27දා) ආපසු ගෙවීමත් සමග 2021 වර්ෂය සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත්, වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත පූරණය කිරීමට ඉඩ සැලසීම සැලකිල්ලට ගත යුතු කරුණ බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඒ අනුව අද (27දා) දිනයේ කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය (ISB) සඳහා ආපසු ගෙවීම සිදුකළ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයක් ගැන විපක්ෂය විවිධ බොරු ප්‍රචාර කරමින්, ආර්ථිකයේ අස්ථාවරත්වයක් පෙන්වීමට උත්සාහ කළද, මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇ.ඩො.මිලියන 2,650කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව, ඉන්දියාව සමග සිදු කරන SWAP පහසුකම යටතේ, ඇ.ඩො.මිලියන 400ක්, බංගලාදේශය සමග සිදුකරන SWAP පහසුකම යටතේ ඇ.ඩො.මිලියන 250ක්, චීන සංවර්ධන බැංකුවේ ලැබෙන ණය යටතේ ඇ.ඩො.මිලියන 300ක්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත විශේෂ අයිතිවාසිකම් ප්රදානය (IMF) යටතේ ඇ.ඩො.මිලියන 800ක්, මහ බැංකුව ඉදිරි මාස 3 තුළ විදේශ විනිමය වෙළෙඳ පොළෙන් මිලදී ගැනීම් යටතේ ඇ.ඩො.මිලියන 200ක්, දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කර (ISB) හරහා ලැබෙන ගලාඒම් යටතේ ඇ.ඩො.මිලියන 300ක් සහ ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් ලබාගැනීමට අපේක්ෂිත ගලාඒම් යටතේ ඇ.ඩො.මිලියන 400ක් වශයෙන් මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

popular news
-
L.G.P.Jathunarachchi. Thursday, 29 July 2021 08:17 AM
A Modern Gossip !!!!
Reply : 0 23
L.G.P.Jathunarachchi. Friday, 30 July 2021 05:18 PM
Declared Another Modern Gossip!!!
Reply : 0 27
L.G.P.Jathunarachchi. Sunday, 01 August 2021 11:24 AM
If it is so further loans may come !!!!
Reply : 0 50
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
