දැනට 15%ක්ව පවතින එකතු කළ අගය මත බද්ද 2020 වන විට 12.5% දක්වා පහත හෙලීම සිය අපේක්ෂාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අද සියලු ජනතාව වක්‍ර ආකාරයට බදු ගෙවන බැවින් එම ජනතාව වක්‍ර බදු බරින් නිදහස් කිරීම සඳහා 2020 වන විට වැට් බද්ද 2.5%කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහකාර රේගු අධිකාරීවරුන් 68 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා අද (24දා) මුදල් අමාත්‍යාංශයේ පැවති උත්සවයකදීය.