ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාව ඉහළ නංවා තිබේ.
ඒ අනුව, නව බැංකු සඳහා අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිවෙළින්,
බලපත්‍රලාභී දේශීය වාණිජ බැංකු සඳහා රු.බිලියන 20ක්, බලපත්‍රලාභී දේශීය විශේෂිත බැංකු සඳහා රු.බිලියන 7.5ක්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපනය කරන ලද බැංකු සඳහා රු.බිලියන 10කි.
මේ අතර, දැනට ස්ථාපිත බැංකු සඳහා අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිවෙළින්,
බලපත්‍රලාභී දේශීය වාණිජ බැංකු සඳහා රු.බිලියන 20ක්, බලපත්‍රලාභී දේශීය විශේෂිත බැංකු සඳහා රු.බිලියන 7.5ක්, විදේශීය බැංකු රු.බිලියන 100 දක්වා වත්කම් සහිත බැංකු සඳහා රු.බිලියන 5ක්, විදේශීය බැංකු රු.බිලියන 100 ඉක්මවූ වත්කම් සහිත බැංකු සඳහා රු.බිලියන 10ක් වශයෙනි.