ඇ.ඩො.මිලියන 284ක සංචාරක ඉපයීම් 2018 ඔක්තෝබර් මාසයේදී වාර්තා කරමින්, එම වසරේ පළමු මාස 10 තුළ සමුච්චිත සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 3,496ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, චීනය, ජර්මනිය සහ ප්රංශය යන රටවලින් පැමිණි සංචාරකයන්ගෙ අඩුවීම හේතුවෙන් 2017 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව, 2018 ඔක්තෝබර් මාසයේදී සංචාරක පැමිණීමේ වර්ධනය 0.5%ක් විය.
එමෙන්ම, 2018 පළමු මාස 10 තුළදී මුළු සංචාරක පැමිණීම් ප්රමාණය 2,080,627ක් වූ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 11.2%ක වර්ධනයකි.