2018 වසරේ දෙවැනි කාර්තුව සඳහා වූ 3.6%ක සංශෝධිත වාර්ෂික ලක්ෂ්යමය වර්ධනය හා සැසඳීමේදී ශ්‍රී ලංකා ආර්ථිකය 2018 තෙවැනි කාර්තුව තුළදී වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 2.9%ක්වූ මට්ටමක අඩු මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් වාර්තා කර තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත තාවකාලික ඇස්තමේන්තුව අනුව මෙම කරුණු අනාවරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව, සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමටද පසුගිය 27දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
නවතම ආර්ථික දර්ශක සහ අනෙකුත් ආර්ථික ප්රවණතා අනුව, 2018 සිව්වැනි කාර්තුවේදීද මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පහළ අගයක් ගනු ඇති බවද සඳහන් කරන මහ බැංකුව, 2019 වසර් සිට ආර්ථික වර්ධනය ක්‍රමිකව ඉහළ යනු ඇති බවටද පුරෝකථනය කරයි.