2018 ජුනි ලක්ෂ්යමය උද්ධමනය සියයට 2.5ක් දක්වා ඉහළ යෑමක්
- 23 07 2018
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2018 ජුනි මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 2.5%ක් ලෙස පසුගිය මාසයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ.
පසුගිය මැයි මාසයේ ලක්ෂ්යමය උද්ධමනය 2.1%ක් ලෙස වාර්තා විය. කෙසේ වෙතත්, පසුගිය මාස හතර තුළදීම උද්ධමනය 3.0% ට වඩා අඩු අගයක් වාර්තා විය.
මෙම මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 0.26%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.26%ක දායකත්වයක් පිළිවෙලින් ලබාදී ඇති අතර, 2017 ජුනි මාසයේ 6.3% ක්වූ උද්ධමනයට ආහාර කාණ්ඩයේ දායකත්වය 3.9%ක් හා ආහාර නොවන කාණ්ඩයේ දායකත්වය 2.4%ක් විය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමර සතරසිංහ මහතා 2018 ජුනි මස ලක්ෂ්යමය උද්ධමනය නිවේදනය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
