2018 මුල් කාර්තුවේ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනය පෙර වසරේ මුල් කාර්තුව සමග සැසඳීමේදී 4% කින් වර්ධනය වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
2017 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇ.ඩො.බිලියන 1.21 ක් හෙවත් රු.කෝටි 19,155.5 ක් උපයාගෙන ඇති බවත්, එය 2018 වසරේ මුල් කාර්තුව වනවිට ඇ.ඩො.බිලියන 1.26 ක් හෙවත් රු.කෝටි 19,947 ක් දක්වා වර්ධනය වී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති AISEX 8 වැනි ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලට සහභාගී වෙමිනි.