2018 අයවැය ප්‍රථමවර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත හෙට (09දා) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රු.බිලියන 3982කි. එම වසරේ සියලු ප්‍රදානයන් සහිතව රාජ්‍ය ආදායම රු.බිලියන 2175ක් ලෙස ගණන් බලා තිබේ.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ අයවැය වාර්තාව නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ලැබේ.