2018 වසරේදී ශ්‍රී ලංකාවේ අපේක්ෂිත ආදායම රු.ට්‍රිලියන 2.2ක් බවත්, එම වසරේ ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය රු.ට්‍රිලියන 1.7ක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
'සරිලන නිවහනක උරුමය සැමට' තේමාව යටතේ 2017 ලෝක ජනාවාස දින සමරුව අද (02දා), මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති අවස්ථාවේදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
එහිදී, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම රු.ට්‍රිලියන 1.7ක ණය ප්‍රමාණයෙන් 84%ක් මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී ගත් ණය බවයි. එමෙන්ම, පසුගිය ආණ්ඩුව කලින් ඡන්දයකට ගියේ සුමනදාස මහතා කියූ නිසා නොවන බවත්, මේ ණය අර්බුදය නිසා බවත් මංගල සමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.