2017 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.8ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2017 පළමු කාර්තුව සදහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කරනු ලැබු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,161,770 කි. 2016 පළමු කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,082,544 ක් විය.