ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තානාපති සබඳතා ආරම්භ වී 2017 වසරට වසර 70ක් සපිරෙන බව කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
නිදහසට පෙර ශ්‍රී ලංකාව සමග එවැනි සබඳතාවත් ඇති කරගත් ප්‍රථම රටවල් එකතුවට ඔස්ට්‍රේලියාවද අයත් වන බවත්, එහි ප්‍රථම පියවර ලෙස ඔස්ට්‍රේලියානු වෙළෙඳ කොමසාරිස් චාර්ල්ස් ෆ්රොස්ට් වර්ෂ 1947 අප්‍රේල් මාසයේදී කොළඹට පැමිණි බවත් එම තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කරයි.
ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් පසුගිය 12 වැනිදා සංවිධානය කර තිබූ ‘Sri Lanka Festival 2016’ හිදී මේ සඳහා වූ සංවත්සර ලාංඡනය එළිදැක්වීම සිදුව තිබුණි.