ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා මෙතෙක් ඇ.ඩො.මිලියන 500ත්, 700ත් අතර ආධාර මුදලක් සැපයූ ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් බිලියනය දක්වා එම අගය මෙවර වැඩිකර තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සංවර්ධනයට හිතකර වටපිටාව සලකා බලා එම ආධාර ඉහළ නැවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, අදාළ සහන ණය මෙරට ක්ෂේත්‍ර කිහිපයක් සංවර්ධනය වෙනුවෙන් ලබා දීමයට නියමිත අතර, මහා මාර්ග, පානීය ජල ව්‍යාපෘති, වාරි මාර්ග සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් එය ලබාදීමට නියමිතය.
1960 වසරේ සිට ආසියානු සංවර්ධන බැංකුව මෙරට සංවර්ධනය වෙනුවෙන් විවිධ ණය පහසුකම් ලබා දී තිබේ.