2017 අයවැය වඩාත් ජනතාවාදී අයවැයක් බවට පත් කිරීම රජයේ අවශ්‍යතාව බවත්, ඒ සඳහා බිම් මට්ටමේ සිට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් දක්වා සියලු පාර්ශ්වයන්ගේ අදහස් ඒ සඳහා ලබාගත් බවක් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඊයේ (03දා) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා,
"2017 අයවැය වඩාත් ජනතාවාදී අයවැයක් බවට පත් කිරීම අපේ අවශ්‍යතාවයයි. ඒ සඳහා අපි බිම් මට්ටමේ සිට විශ්වවිද්‍යල ආචාර්ය මහාචාර්යවරුන් දක්වා සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගත්තා. අද අපි මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැක තවදුරටත් අයවැය ලේඛනයට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් උන් වහන්සේගෙන් විමසා සිටියා. උන්වහන්සේලා ඉතාම ධනාත්මක ලෙස කල්පනා කරල අපට යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කළා. ඒ වගේම රටේ දේශපාලන ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කරන්නත් මෙය අවස්ථාවක් කර ගත්තා. ඉදිරියේදී සකස් වන නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීයභාවයට සහ බෞද්ධාගමට ලැබී ඇති තැන, තවදුරටත් ශක්තිමත් කිරීම හැර වෙනත් දෙයක් සිදුනොවන බව මම ඉතා පැහැදිලිව මහා නායක හිමිවරුන්ට පෙන්වා දුන්නා." යැයි පවසා සිටියේය.
ඊයේ අලුයම මහනුවර දළදා සමිඳුන් වැඳපුදාගත් මුදල් අමාත්‍යවරයා ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැ දකිමින්, ලබන නොවැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2017 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැ බැහැ දකිමින්, රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළත්, එළඹෙන අයවැය සම්බන්ධයෙනුත් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර ඇත.