2016 අප්‍රේල් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 අප්‍රේල් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවේ 1.8%ක වැඩිවීමක් වාර්තා වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2017අප්‍රේල් මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා මෙසේ පවසා තිබේ.
කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් සුදුසු දර්ශකයක් ලෙස කාර්මික නිෂ්පාදන දර්ශකය සැලකෙන අතර, මෙම දර්ශකය මගින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවෙහි කෙටි කාලීන වෙනස්වීම් හඳුනා ගත හැකි බව පැවසෙයි. තවද, මෙමගින් ආර්ථික සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය හඳුනා ගත හැකි බවත්, ඒ අනුව 2015 වර්ෂය, පදනම් වර්ෂය ලෙස ගෙන ගණනය කරනු මෙම දර්ශකය, 2017 ජනවාරි මස සිට දින 42 ක කාල පරතරයකට පසුව නිකුත් කරනු ලබන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.