එළැඹෙන නොවැම්බර් මාසයේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම පැමිණීමෙන් පසුව 2016 වසරේ මුල් කාලයේදී යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමේ හැකියාවක් ඇතැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ජෝස් ග්රාසියානෝ ඩි සිල්වා සහ ස්පාඤ්ඤයේ ධීවර අමාත්‍ය ඉසබෙල් ගෙරීසියා ජෙජෙරීනා මහත්මියගේ ආරාධනයකට අනුව, පසුගිය ඔක්තෝබර් මස 08 වැනිදා ස්පාඤ්ඤයේ වීගෝ නුවරදී ආරම්භ වූ 'වගකීමෙන් යුතු ධීවර කර්මාන්තයක් ඇතිකිරීම සඳහා භාවිත වන පැවතුම් සංග්‍රහය'ට 20 වසරක් සැපීරීම නිමිත්තෙන් පැවති සම්මේලනයේදී රටවල් රැසක ධීවර අමාත්‍යවරුන් හා නිලධාරීන් සමග පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී අනාවරණය කරගත් කරුණු අනුව අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.