2016 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්රියාකාරීත්වයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එහිදී, අපනයන ආදායමෙහි වර්ධනයට වඩා ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළයාම හේතුවෙන් 2016 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ හිඟය පුළුල් වී ඇති බව පවසයි. මෙම මාසය තුළදී සංචාරක ඉපැයීම් සහ විදේශීය සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ හිතකර වර්ධනයක් වාර්තා කර ඇති බවද පෙන්වා දෙයි.
2016 දෙසැම්බර් මාසයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත යම් ලැබීම් ප්‍රමාණයක් වාර්තා වුවද, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙතින් ශුද්ධ ගෙවීම් දැකිය හැකි වූ බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.