වයඹ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් 2014 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව රන්බිම ඉඩම් බලපත්‍ර දහසක් ප්රදානය කිරීම දැයට කිරුළ ජාතික ප්‍රදර්ශන භූමියේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා සිදුවිය.
මෙම ඉඩම් බලපත්‍ර ලබාදීම සංකේතවත් කරමින් ජනාධිපතිවරයා සෑම ජන කොටසක්ම නියෝජනය වන පරිදි 23 දෙනෙකු වෙත බලපත්‍ර ප්රදානය කළේය.
වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්.බලල්ල, අමාත්‍යවරුවන් වන එස්.බී.නාවින්න, ජයරත්න හේරත්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, අනුර ප්‍රියදර්ශන යාපා, රංජිත් සියඹලාපිටිය,ජොන්ස්ටන් ප්‍රනාන්දු, ටී.බී. ඒකනායක සහ වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු සහ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.