2014 එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා සමුළුව හා සම්මාන ප්රදානය ඊයේ (23දා) ආරම්භ වූ අතර, එය 26 දා දක්වා දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි කොරියානු ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ සුභසාධන දෙපාර්තමේන්තුව (UNDESA) තවත් සංවිධාන කිහිපයක් සමඟ එක්ව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුළුවේ මෙවර තේමාව වන්නේ, “මානව යහ පැවැත්ම හා තිරසාර සංවර්ධනය සඳහා නව්‍ය පාලන ව්‍යුහය” යන්නයි.
කොරියානු රජයේ ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව මෙම සමුළුවට සහභාගී වන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ. සෙනෙවිරත්න මහතා “රාජ්‍ය සේවය තුළ මානව සම්පත් කළමනාකරණයේ නව්‍යතා ”මැයෙන් වන දේශනය මෙම සමුළුවේ 5 වන සැසිය යෙදෙන හෙට (25දා) සිදු කිරීමට නියමිතය.
මෙම සමුළුවට සමගාමීව 2014 වර්ෂය සඳහා වූ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා සම්මාන ප්රදානෝත්සවය සහ ඉ - රාජ්‍ය සේවා සම්මාන ප්‍රදාන උත්සවයටද අමාත්‍යවරයා සහභාගී වන බවත්, එම උත්සවය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි.