2014 වාර්ෂික සයිබර් ප්‍රහාර පෙරහුරුව පැවැත්වේ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18ක සහභාගීත්වයෙන් ආසියා පැසිෆික් කලාපීය පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ 2014 වාර්ෂික සයිබර් ප්‍රහාර පෙරහුරුව පසුගියදා පැවැත් විණි.
සයිබර් අවකාශය සයිබර් ප්රහාරකයින්ගෙන් සුරක්ෂිත කරගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුම්වත් වීම මෙවර පෙරහුරුවේ අරමුණ විය.
ශ්‍රී ලංකාව, චීනය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, ජපානය, මැලේසියාව, හොංකොං, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, තායිලන්තය, බෘනායි, තායිපේ, ඉන්දියාව, මැකාති, මියන්මාරය කොරියාව ඇතුළු රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් 25ක් මේ සඳහා සහභාගි විය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා සර්ට් ආයතනය මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේය.
ඉහත රටවල් නියෝජනය කරන ලද කණ්ඩායම් සිය රටවල සිටම අන්තර්ජාලය ඔස්සේ මේ සඳහා සහභාගි වූ අතර මෙවර පෙරහුරුව පවත්වන ලද්දේ හත් වැනි වරටය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

