ශ්රී ලංකා ගුවන්තරණ ඉතිහාසයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2014 වසරේදී ශ්රී ලංකාවට පැමිණි 15,00,000 සංචාරකයා ශ්රී ලංකන් ගුවන් යානයකින් පසුගිය ඉරිදා කටුනායකට පැමිණියේය.
මෙම සංධිස්ථානය සනිටුහන් කරමින් මෙරටට පැමිණි ටොරෙන්ස් ජිමී ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් UL558 යානයෙන් ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර සිට මෙරටට පැමිණියේ ක්යිපිකා හෙඩ්විග් සමගිනි.
ඔවුන් දෙදෙනා ශ්රී ලංකන් ගුවන් තොටුපොළ කාර්යය මණ්ඩලය සහ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ කාර්යය මණ්ඩලය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබුණි.