හම්බන්තොට වරාය දෙවැනි ආයෝජන මුදල හිමිවෙයි
හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන ආයෝජනය වෙනුවෙන් හිමිවිය යුතු දෙවැනි කොටස හෙවත්, ඇ.ඩො.මිලියන 97.3ක මුදල චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාදී තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා හිමිකම් භාරයේ ප්‍රථම අදියරේදී ඇ.ඩො.මිලියන 389.462ක මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබාදී තිබූ අතර, පසුගිය 8දා එහි ඉතිරි මුදල ලෙස ඇ.ඩො.මිලියන 97.365ක මුදල ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත භාරදීම සිදුව තිබේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත එම මුදල ලබාදීම සංකේතාත්මකව සිදුවූ අවස්ථාවට වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, අතිරේක කළමනාකාර අධ්යක්ෂ ඒ.ඩී.ටී. ගුණසේකර, අධ්යක්ෂ (මුදල්) ශිරාණි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් සහ HIPG හි සම්බන්ධීකරණ නිලධාරී තිස්ස වික්‍රමසිංහ, ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මූ සහ චයිනා මර්චන්ට් සමූහයේ ශ්‍රී ලංකාව් නියෝජිත රේ-රෙන් යන මහත්වරුන් සහභාගි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


