සිංගප්පූරු ආයෝජක සමුළුව 21දා
- 17 01 2014
- 08:59
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, බ්ලූම්බර්ග් ඩේටා සර්විසස් සමග එක්ව එළැඹෙන 21 වැනිදා සිංගප්පූරුවේදී ආයෝජක සමුළුවක් පැවැත්වීමට නියමිතය.
අග්නිදිග ආසියානු කලාපයේ විසිරී සිටින විදේශීය ආයතන සහ ධනවත් ආයෝජකයන් ඉලක්ක කරගනිමින් සිංගප්පූරුවේ, රිට්ස් හෝටලයේදී මෙම ආයෝජක සමුළුව පැවැත්වෙනු ඇත.
දැනටමත් ආයතනික ආයෝජකයන්, ආයෝජන බැංකු, මූල්‍ය උපදේශකයන් සහ ලැයිස්තුගත සමාගම් 250කට වඩා වැඩි ප්‍රමාණයක් ආයෝජක සමුළුවට සහභාගි වීමට ලියාපදිංචි වී ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් සමග එහිදී සාකච්ඡා පවත්වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
