ස්වර්ණාභරණ සහ මැණික් වෙළෙඳ සංකීර්ණය විවෘත වේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වර්ණාභරණ සහ මැණික් වෙළෙඳ සංකීර්ණය පසුගිය 5දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
ස්වර්ණාභාරණ සහ මැණික් වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි.
එහි ප්‍රථම අදියර යටතේ පළමු වැනි මහල සහ පළමු වැනි මැදි මහල මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් නවීකරණය කර ඇත. මෙහි ස්වර්ණභරණ සහ මැණික් වෙළෙඳ සැල් 83කි.
බිම් මහලේ කඩ කාමර 48ක් සහ බැංකු 02කින් ද, බිම් මැදි මහල කඩ කාමර 35ක් සහ ආපන ශාලාවකින් ද, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාලයකින් ද සමන්විත වේ.
මේ සඳහා ආයෝජනය කර ඇති මුදල රු.මිලියන 450කි. නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 04 වන ඉංජිනේරු සේවා බලකාය විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

