ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ නාම 2017
ඉන්ටර්බ්රෑන්ඩ් ආයතනය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ නාම 2017 සම්මාන ප්රදානෝත්සවයේදී ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් වඩාත් වටිනා වෙළෙඳ නාමයන් හිමි සමාගම් ත්‍රිත්වය ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ.
එහිදී, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ නාමයන් 20ක් සැලකිය යුතු ප්‍රගතියක් වෙළෙඳ පොළ තුළ අත්පත් කරගෙන ඇති බව ඉන්ටබ්රෑන්ඩ් ආයතනය පෙන්වා දී තිබේ.
මෙවර සම්මාන ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 11දා කොළඹ, හිල්ටන් හෝලටයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක රෝසි සේනානායක සහ ඩේලිඑෆ්ටී පුවත්පතේ කර්තෘ නිස්තාර් කසීම් යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




