ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්රස්ථා ගැන සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්තා මෙන්ම, විශේෂයෙන් මහනුවර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් විශේෂ කාර්යභාර අමාත්‍යාංශයේදී ඊයේ (08දා) පැවැත්විණි.
මෙම සාකච්ඡාව ජපානයේ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ උප අමාත්‍ය යසුඕ සකමොටෝ මහතා සහ විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අතර පවත්වා තිබුණි.
ශ්‍රී ලංකාවේ ආයෝජන ඉඩප්‍රස්තා මෙන්ම විශේෂයෙන් මහනුවර සංවර්ධනය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව, ජපානය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා දක්වන සහයෝගය පිළිබඳව ආචාර්ය අමුණුගම මහතා විසින් ජපන් රජය වෙත සිය ප්‍රශංසාව පළකරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා ජපාන අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශයේ අධ්යක්ෂ නොරිෆුමි යමගුචි, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ටකේෆුමී සාටෝ, එම අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ කොඉචි සකමෝටෝ, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආර්ථික සම්බන්ධතා අංශයේ ප්‍රධානී කිචිරෝ අයිවේස් යන මහත්වරු සහභාගි වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

