රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට නොමිලේ ඉංග්‍රීසි
රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා පවසයි.
විභාග හා සුදුසුකම් සපුරා තිබුණද නූතන රැකියා වෙළෙඳ පොළට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම නොමැති කමින් පවතින රැකියා පුරප්පාඩු සඳහා තරුණ තරුණියන් යොමු කිරීම අපහසු වී ඇති බවත්, මේ හේතුවෙන් පුරප්පාඩු සහිත ආයතන සේම රැකියා සොයන පිරිසද ප්‍රායෝගික ගැටලුවකට මුහුණ පා ඇති බැවින් එයට පිළියමක් ලෙස මෙම ඉංග්‍රීසි පාඨමාලාව නොමිලේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඉංග්‍ර්‍රීසි භාෂාවේ මූලිකාංග, ව්‍යාකරණ හා කථනය මූලික කරගත් පාඨමාලාවක් ලෙස බදාදා දිනයන්හි ප.ව. 4.30 සිට ප.ව 6.30 දක්වා නුගේගොඩ මොහාන් ලාල් ගේ‍්‍රරු පදනම් රැකියා බැංකු පරිශ්‍රයේදී මෙම පාඨමාලාව පැවැත් වීමට නියමිත බව කියැවෙයි.
රැකියා අපේක්ෂක ඉංග්‍රීසි පාඨමාලාවේ නියමු ව්‍යාපෘතිය සඳහා කොළඹ දිස්ත්‍රික් තරුණ තරුණියන් සඳහා මේ වනවිට අයදුම් කළ හැකි බවත්, අයදුම්පත් ‘රැකියා සඳහා ඉංග්‍රීසි – රැකියා බැංකුව’, මොහාන් ලාල් ගේ‍්‍රරු පදනම, අංක 32/7, රේමන්ඩ් පාර නුගේගොඩ, යන ලිපිනයට මේ මස 25 වැනි දිනට ප්‍රථම යොමු කළ යුතු බවත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

