www.ada.lk
2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සංවිධානය කළ අවුරුදු පොළ සහ බක් මහ උළෙල අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 10දා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබේ.
පසුගිය 09දා පැවැති අලුත් අවුරුදු පොළෙන් රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය, සාම්ප්‍රදායික රසකැවිලි වර්ග, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ සහන මිලට ලබාගැනීම සඳහා අමාත්‍යාංශයේ සහ අවට කාර්යාල පරිශ්‍රවල සේවක සේවිකාවන්ට අවස්ථාව උදාවී ඇත.
කඹ ඇදීම, කොට්ටා පොර, කණා මුට්ටිය බිඳීම, අවුරුදු කුමරිය තේරීම ඇතුළු සාම්ප්‍රදායික ගැමි ක්‍රීඩා සහ විශේෂාංග රැසකින් සමන්විත බක්මහ උළෙලට අමාත්‍යාංශයේ සහ ඊට අයත් දෙපාර්තමේන්තුවල සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ දූදරුවන් විශාල පිරිසක් සහභාගී වී තිබේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් අතින් ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කිරීම සිදුකර ඇත.
popular news
තෙල් මිල පහළට
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
රුපියලේ අද තත්වය
ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු වසර 3ට පසු අල්ලයි
රුපියල යලි පහත වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd