මුදල් අමාත්‍යාංශ කටයුතු අධීක්ෂණයට මන්ත්‍රී පිරිසක්
මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පත් කර තිබේ.
මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ඊට අදාළ පත් වීම් ලිපි ප්රදානය කිරීම 05දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරිණි.
මෙම පත් කිරීම් වෙනුවෙන් අදාළ මන්ත්‍රීවරුන්ට කිසිදු විශේෂ ගෙවීමක් හෝ පහසුකම් සැලසීමක් සිදු නොකරන අතර, ඔවුහු මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව සිටිති. සම්මුතිවාදී රජය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම මත, රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය තවදුරටත් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස මෙම පියවර ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

