මහවැලි සංචාරක බංගලා අන්තර්ජාල වෙන්කිරීමක්
මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලය ඔස්සේ වෙන්කර ගැනීමේ පහසුකම දේශීය සහ විදේශීය සංචාරකයන්ට හිමිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සංචාරක බංගලා වෙන්කර ගැනීමත් ඒ සඳහා මුදල් ගෙවීම් සිදුකිරීමත් අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට හැකිවන බව ඔවුහු පවසති.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙම ඉ-සේවාව හඳුන්වාදී තිබේ.
මෙම නව ඉ-සේවාව හඳුන්වාදීමත් සමගම www.mahaweli.gov.lk සහ www.gov.lk යන වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී බංගලා වෙන්කර ගැනීමත්, ණයවර පත් (Credit Card) භාවිතයෙන්එම මූල්‍ය ගෙවීම් සිදු කිරීමටත් හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
මෙම නව ඉ-සේවාව නිල වශයෙන් හඳුන්වාදිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නොබෝදා මහවැලි බී කලාපයේ නවීකරණය කරන ලද රුහුණු කෙත සංචාරක නිවාස පරිශ්‍රයේදී සිදුවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

