ධීවර වරායන්වල ශ්‍රමදාන වැඩසටහන්
යුරෝපා කොමිසමේ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අද (16දා) සිට ධීවර වරායන්වල ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව, ගාල්ල, දෙවිනුවර, මිරිස්ස, බේරුවල, මීගමුව ආදී ධීවර වරායන්වල, ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන් හා ධීවර ක්ෂේත්රයට අදාළ සියලු පාර්ශ්ව සහභාගී කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියි.
යුරෝපා මත්ස්‍ය අපනයන තහනම හේතුවෙන් ධීවර අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රියාකාරකම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට යුරෝපා කොමිසමේ තාක්ෂණික නියෝජිත කණ්ඩායමක් ඔක්තෝබර් මස පළමු වැනි සතියේ (2015.10.05 සිට 09 දක්වා) දිවයිනට පැමිණීමට නියමිත අතර, ඔවුන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

