දිවි නැගුමින් අවම පොලී යටතේ ණය පහසුකම්
'දිවි නැගුම සහන අරුණ ණය ක්‍රමය' මගින් දිවි නැගුම ප්‍රජා මූල බැංකු සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා අවම පොලී අනුපාතිකයක් යටතේ ණය පහසුකම් ලබාදීමේ උත්සවයක් පසුගියදා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් දකුණු කොළඹ ප්‍රජාමූල බැංකුවේදී පැවැත්විණි.
මෙහිදී දිවි නැගුම ප්‍රතිලාභීන් වෙත සංකේතාත්මකව ණය මුදල් ප්රදානය කිරීම නැගෙනහිර කොළඹ ප්‍රධාන සංවිධායක ප්‍රදීප් ගුණවර්ධන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ඒ අනුව දිවි නැගුම ප්‍රජා මූල බැංකු සංගමය මඟින් 4%ක අවම පොලී අනුපාතිකයකට යටත්ව රු.5000/- සිට රු.50,000/- දක්වා සාමාජිකයන් වෙත ණය පහසුකම් ලබා දීම සිදු කරනු ලැබේ.
popular news
-
Karunanayaka pathiranalage thakshila Sunday, 09 August 2020 09:42 AM
Sahana lon
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

