ජාත්‍යන්තර වෙළෙඳ සහයෝගීතා ගිවිසුම් තුනක්
තෙදිනක් පුරා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති 28 වැනි ආසියානු වෙළෙඳ ප්‍රවර්ධන සමුළුවේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සැසිය 26 දා සාර්ථකව අවසන් විය.
1987 වසරේ ආරම්භ වූ මෙම සංවිධානය තුළ, කලාපයේ රටවල් 24 කට අයත්, අපනයන හා ජාත්‍යන්තර වෙළෙඳාමට සම්බන්ධ ප්‍රවර්ධන ආයතන රැසක් සාමාජිකයත්වය ලබා සිටියි. ආසියානු කලාපයේ රටවල් අතර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ඔවුන් ජාලගත කිරීම හා ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වේ.
සමුළුවේ සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාව විසින් දරන ලදී. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එය සංවිධානය කරනු ලැබීය. අගොස්තු මස 24 වැනිදා, සැසියේ සමාරම්භක උලෙළේ ආරාධිතයින් ලෙස රිෂාඩ් බදියුදීන්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන හිටපු අමාත්‍යවරු සහභාගී වූහ. ඊයේ සහ පෙරේදා (අගෝස්තු 25 සහ 26) සැසියේ තාක්ෂණික වැඩමුළු හා ක්ෂේත්‍ර චාරිකා සඳහා වෙන්ව තිබුණි. 'ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට අනුගත කිරීම' මෙවර සැසියේ තේමාව විය.
සමාරම්භක උලෙළේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතින් කොළඹ සැසියට අදාල නිල ලාංඡනය එළිදැක්වීම සිදුකෙරිණි. තවද, ශ්‍රී ලංකාව හා හොංකොං දිවයින, දකුණු කොරියාව මෙන්ම තායිලන්තය අතර, ද්වීපාර්ශ්වීය වෙළෙඳාමට අදාල අවබෝධතා ගිවිසුම් තුනක් සඳහා අත්සන් තැබීමද මෙහිදී සිදුවිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

