ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක්
කෘෂිකාර්මික රටක් ලෙස රට නගා සිටුවමින් ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේදී ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳ පොළක් සහ සාධාරණ මිලක් ලබාදීම අත්‍යාවශ්‍ය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තම නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත්වන විට අතරමැදියන් විශාල ප්‍රමාණයක් සිටීම හේතුවෙන් ගොවිජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහනට එක් වෙමිනි.
ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම කෘෂි ව්‍යාවසායකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන කි‍්‍රයාත්මක වන අතර මෙහි ප්රමුඛ අරමුණ වන්නේ ග්‍රාමීය කෘෂිකාර්මික ජනතාව තිරසාර ආදායම් උත්පාදන මාර්ග කරා යොමු කිරීම සහ ඔවුන් කෘෂි ව්‍යාවසායකයින් ලෙසින් සමාජගත කිරීමය. එමගින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සවිබල ගැන්වීම මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීම ද අපේක්ෂිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

