කිතුල් ප්‍රවර්ධන සතිය අප්‍රේල් පළමු වැනිදායින් ඇරඹෙයි
අප්‍රේල් මාසයේ පළමු වැනි සතිය කිතුල් ප්‍රවර්ධන හා පරිභෝජන සතිය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇති අතර, අප්‍රේල් 01 වැනිදායින් එය ආරම්භ විය.
සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ සංකල්පයක් මත කිතුල් කර්මාන්තයේ සංවර්ධනය උදෙසා කිතුල් ප්‍රවර්ධන පරිභෝජන සතියක් ප්‍රකාශයට පත් කිරීම ඇතුළුව යෝජනා කිහිපයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජය මේ තීරණය ගෙන ඇත.
මේ අනුව පැණිරස කාරක සඳහා ආදේශකයක් ලෙස කිතුල් නිෂ්පාදන යොදාගැනීම පිළිබඳ දැනුම්වත් කිරීම, නිල රැස්වීම්වලදී කිතුල් හකුරු සහ තේ පැන් පිළිගැන්වීම, කිතුල් සතියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන් හා සංචාරකයන්ට කිතුල් ආශ්රිත ආහාර පිළිගැන්වීම, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් මඟින් කිතුල් මිශ්‍ර ආහාර සෞඛ්යාරක්ෂිත බවට දැනුවත් කිරීම ආදිය සිදු කෙරෙන බව පැවසෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

