කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික වැඩමුළුවක්
ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය හා කළුතර දිස්ත්‍රික් වානිජ, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත මණ්ඩලය එක්ව කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් උදෙසා පවත්වනු ලබන 'ව්‍යාපාරිකයෙකු වශයෙන් ඔබ වානිජ මණ්ඩලයක් සමග සම්බන්ධ විය යුත්තේ ඇයි?' වැඩමුළුව 2017 ඔක්තෝබර් මස 21 වැනි දින පෙ.ව. 9.30 සිට 12.30 දක්වා පානදුර චේම්බර් ඇකඩමිහිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම වැඩමුළුවෙහි ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන්ට නව දැනුමක් හා ජවයක් ලබාදීම හා ව්‍යාපාරික ලෝකයේ ඇති වන්නා වූ විවිධ වෙනස්වීම් පිළිබඳ ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමයි. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන කරුණු අතර, ප්‍රාදේශීය, ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාරික එකමුතුවක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තරව ඉදිරිපත් වී ඇති වෙළෙඳ ගිවිසුම් හඳුනා ගැනීම හා එයින් වන බලපෑම් වටහා ගැනීම, ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය සහාය ලබාගැනීම වේ.
මෙම වැඩමුළුව කළුතර දිස්ත්‍රික්කය තුළ ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින ව්‍යාපාරිකයන් උදෙසා නොමිලේ පවත්වනු ලබන අතර සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් මෙම වැඩමුළුව සම්බන්ධව වැඩි තොරතුරු 071-9058969, 076-8513859 යන දුරකතන අංකයෙන් ලබාගත හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

