ඇමෙරිකා - ශ්‍රී ලංකා සබඳතා තර කිරීමට යූඑස්එස් හොපර්
එක්සත් ජනපද - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමටත්, 2016 සැප්තැම්බර් මස දී යූ.එස්.එස්.හොපර් හි නැවියෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ලබාදුන් සහායටත් ස්තූති කිරීමට කොළඹ වරායට පැමිණි එම නෞකාවේ පස් දින සංචාරය අවසන් වී තිබේ.
මෙම සංචාරය තුළදී එක්සත් ජනපද නාවිකයන් කණ්ඩායම ක්‍රීඩා හා සංස්කෘතික වැඩසටහන්වලට සහභාගී වී ඇති අතර, ඔවුන් ශ්‍රී ලාංකේය හමුදාව සමග බේරාගැනීමේ හා මුහුදේ නැව් පරීක්ෂා කිරීමේ උපායාත්මක පුහුණුවකටද මෙහිදී සහභාගී වී තිබේ.
එමෙන්ම, ගාල්ලට ගිය මෙම නාවිකයන් ශ්‍රී ලංකාවේ පළමු වැනි එක්සත් ජනපද වාණිජ නියෝජතයා ලෙස වර්ෂ 1850දී පත් කරනලද ජෝන් බ්ලැක් හා ඔහුගේ බිරිඳ වූ ඉසෙබෙල් ගේ සොහොන් ඇති සියලු ශාන්තවරයන්ගේ සුසාන භූමිය ප්රතිස්ංස්කරණයට කිරීමේ කටයුතුවලටද සහාය දුන් බව ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

