ශ්‍රී ලංකන්, ඉන්දීය මූල්‍ය වෘත්තික සම්මාන උළෙලට පහසුකම් දෙයි
- 27 04 2023
- 05:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ශ්‍රී ලංකන් ගුවන් සේවය ජෙට්වින් ට්‍රැවල් සමඟ හවුල් වී කොළඹදී පැවැත්වූ ඉන්දියාවේ මූල්‍ය වෘත්තිකයන්ගේ සම්මාන උළෙලට සහභාගී වීමට පැමිණී ප්රමුඛ පෙළේ මූල්‍ය වෘත්තිකයන් 180 දෙනෙකු සඳහා ගුවන් සේවා පහසුකම් සපයා තිබේ.
MICE ඉසව් සඳහා සම්පූර්ණ පැකේජ සැපයීමට ගුවන් සමාගමේ හැකියාවන් සැලකිල්ලට ගනිමින් මෙම උත්සවයේ සංවිධායකයන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පියාසර කිරීම සඳහා තෝරා ගන්නා ලදී.
MICE සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකන් සමාගම අවධානය යොමු කරමින් සිටින ලාභදායී උපායමාර්ගයකි. දේශීය සංචාරක වෙළෙඳාම ප්‍රතිෂ්ඨාපනය කිරීමේ රටේ ප්රයත්නයන් සඳහා ගුවන් සමාගම සිය සහයෝගය ලබාදෙයි. එසේම, ගුවන් සමාගම ජාත්‍යන්තර ආයතන සඳහා MICE සේවා සපයන ආයතනයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
