හේමාස් හෝල්ඩින්ග්ස් සභාපති නියෝජ්‍ය සභාපති පුටුවට යයි
හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සී විසින් ආයතනික පාලනය ශක්තිමත් කරමින්, නායකත්ව මණ්ඩලයට කාර්යක්ෂම ලෙස අනුප්රාප්තිකයන් පත්කිරීම සඳහා සමූහය දක්වන උනන්දුව පිළිබිඹු කරමින් එහි අධ්යක්ෂ මණ්ඩලයේ ඉදිරි වෙනස්කම් නිවේදනය කරන ලදි.
දශක හතරකට අධික කාලයක් හේමාස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ඇතුළු විවිධ නායකත්ව තනතුරු දැරූ හුසේන් එසුෆලි මහතා 2025 දෙසැම්බර් 31 වන දින සිට අධ්යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම යනු ඇත. ඔහුගේ මෙහෙයවීම යටතේ හේමාස් සමූහය ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය හා විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් බවට පත් වූ බවත්, එහි පාර්ශ්වකරුවන්ට නිරන්තරයෙන් ඉහළම ප්රතිලාභ හිමි කර දීමට සමත් වූ බවත් ඔවුන් පවසයි. සමූහයේ අර්ථපූර්ණ ආයතනික සංස්කෘතිය සහ දීර්ඝකාලීන සාර්ථකත්වය හැඩගැස්වීමෙහිලා මහෝපකාරී වූ ඔහුගේ දැක්ම සහ කැපවීම වෙනුවෙන්හේමාස්සමූහය සහ එහි අධ්යක්ෂ මණ්ඩලය ඒ මහතා වෙත් සිය හදපිරි කෘතවේදීත්වය පළකර සිටී.
එමෙන්ම සමූහයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය අනුර ඒකනායක මහතා සිය ධුර කාලය අවසන් වීමෙන් පසු 2025 දෙසැම්බර් 31 වන දින විශ්‍රාම යන බවද සමූහය නිවේදනය කළේය. ආචාර්ය ඒකනායක මහතා විශේෂයෙන්ම සමූහය තුළ යම් යම් පරිවර්තනයන් සිදු වූ කාලපරිච්ඡේදවලදී ආයතනික පාලනය ශක්තිමත් කරමින් සහ ක්‍රමෝපායික මඟපෙන්වීම් ලබාදෙමින් ඉටුකළ මෙහෙවර ප්‍රශංසනීය බවද ඔවුන් පවසයි.
2026 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් ප්‍රනාන්දු මහතා හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සී හි සභාපති ධුරයට පත්වනු ඇත. ආයෝජන බැංකුකරණයේ වසර 30 කට වැඩි පළපුරුද්දක් හිමි ප්‍රවීණයෙකු වන අජිත් ප්‍රනාන්දු මහතා, සිය ක්‍රමෝපායික දැක්ම සහ විධිමත් ලෙස සැලසුම් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටී. ව්‍යාපාර ගොඩනැංවීම සහ වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඉතිහාසය පුරා ඔහු පෙන්නුම් කර ඇති සාර්ථකත්වය මඟින් ඔහු හේමාස් සමූහයේ වර්ධනයේ සහ නවෝත්පාදනයේ මීළඟ අදියරට නායකත්වය දීම සඳහා සුදුසුම වෘත්තිකයෙකු බව පෙනී යන්නේ යැයිද සඳහන් කරයි.
සමූහයේ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගන්නා අතරම අධ්යක්ෂ මණ්ඩල අධීක්ෂණය අඛණ්ඩව සිදු වන බව සහතික කරගැනීම සඳහා, සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ වර්තමාන සභාපති මුර්තසා එසුෆලි මහතා 2026 ජනවාරි 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සී හි නියෝජ්‍ය සභාපති ලෙස පත් කර තිබේ. ක්ෂේත්රය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම සහ සමූහය තුළ දීර්ඝකාලයක් පුරා නායකත්ව තනතුරු දැරීමෙන් ලද පළපුරුද්ද, හේමාස් සමූහයේ ක්‍රමෝපායික ප්‍රමුඛතා සාක්ෂාත් කරගැනීමට සහ ආයතනික පාලන රාමුව ශක්තිමත් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇති බවද කියයි.
නායකත්ව වෙනස්කම් අතරතුර ව්‍යාපාරික මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගනිමින්, සමූහයේ උරුමය සුරකින අතරම තිරසාර වර්ධනය සහ පාර්ශ්වකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා සමූහය දක්වන උනන්දුව හා කැපවීම මෙම පත්වීම් මඟින් මැනැවින් පිළිබිඹු වන බවද ඔවුන් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

