හම්බන්තොට වරායට ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ගේට් පාස් එකක්
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), 2026 ජනවාරි මස 01 වන දින සිට QR කේත මත පදනම් වූ, ස්වයංක්‍රීය කඩදාසි රහිත වරාය පිවිසුම් අවසරපත් පද්ධතියක් (AGPMS) ආරම්භ කොට ඇත. HIP, සිය ඩිජිටල් පරිවර්තන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙවන් සම්පූර්ණයෙන් ස්වයංක්‍රීය, කඩදාසි රහිත ගේට් පාස් විසඳුමක් ලබා දුන් ප්‍රථම ශ්‍රී ලාංකේය වරාය බවට පත්ව තිබේ. මෙම මුලපිරීම තුළින් වරාය මෙහෙයුම් කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ ප්‍රවේශ වීමේ පහසුව තවදුරටත් ශක්තිමත් වනු ඇත.
HIP කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය, AGMPS පද්ධතිය නිම කළ තාක්ෂණික හවුල්කරු වන ඩේටා මැනේජ්මන්ට් සර්විසස් (DMS) ආයතනයේ නියෝජිතයන් සමඟ එක්ව, ස්වයංක්‍රීය වරාය පිවිසුම් අවසරපත් ක්‍රියාවලිය, හම්බන්තොට ජාත්‍යන්තර වරායේදී නිල වශයෙන් දියත් කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා සහභාගී විය.
සාම්ප්‍රදායික මුද්‍රිත අවසරපත ප්‍රතිස්ථාපනය කරන QR කේත මත පදනම්ව සාදා ඇති AGPMS පද්ධතිය, වරායේ සෑම දොරටුවකින්ම ආරක්ෂිතව සහ යුහුව ප්‍රවේශ වීම සළසයි. එමෙන්ම සැකසුම් කාලය, මානව දෝෂ සහ පරිපාලන සංකීර්ණතා සැලකිය යුතු ලෙස අවම කර, වරාය තුළ රථවාහන තදබදයද ලිහිල් කරමින්, වඩාත් පාරිභෝගික-හිතකාමී සහ විධිමත් ක්‍රියාවලියක් ලබා දෙයි.
මෙම ප්රයත්නය ස්මාට් මෙහෙයුම් සඳහා වරායේ දිගුකාලීන දැක්ම පිළිබිඹු කරන බව HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පවසයි. "ස්වයංක්‍රීය ගේට් පාස් කළමනාකරණ පද්ධතිය අපගේ සමස්ත ස්මාර්ට් වරායක් බිහිකිරීමට කළ මුලපිරීමේ ප්‍රධාන සන්ධිස්ථානයක්. වැඩි ආරක්ෂාව සහ ඉහළ කාර්යක්ෂමතාව තහවුරු කරමින් අපගේ මෙහෙයුම් ලොව විශිෂ්ට පිළිවෙත් සමඟ පෙළගැස්වීමට, මෙම පද්ධතිය රුකුලක් වනවා"
AGPMS මඟින් යථාකාලීන අධීක්ෂණය සහ ඉහළ අනුකූලතාවද සහතික කිරීමට හැකි වන බවත්, එතුළින් වරාය වෙත ප්‍රවේශය හොඳින් පාලනය වී, වරාය මෙහෙයුම් හරහා වැඩි වගකීමක්ද ඇති කරන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා (HIPS) සාමාන්‍යාධිකාරී, කපිතාන් මියුරු ගුණසේකර මහතා සඳහන් කළේය.
AGPMS ක්‍රියාවලිය දියත් කිරීම, වරාය මෙහෙයුම් සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් HIP දරන පුළුල් උත්සාහයේ පළමු අදියර, සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ වරාය අංශය ස්මාර්ට් සහ නව්‍ය තාක්ෂණය වැළඳගනිමින් සිටින වාතාවරණයක මෙවන් ක්‍රියාවලියක ආරම්භය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය අනාගතයට සූදානම්, ලොජිස්ටික්ස් මධ්‍යස්ථානයක් බව තවදුරටත් සනාථ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

