හම්බන්තොට වරායට බහාලුම් බඩුතොග පරීක්ෂණ අංගනයක්
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) පරිශ්‍රය තුළ, අවශ්‍යතාව අනුව ඉදිකරන ලද විශේෂිත බහාලුම් බඩුතොග පරීක්ෂණ අංගනයක් ස්ථාපිත කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), රැන්ක් කන්ටේනර් ටර්මිනල්ස් පුද්ගලික සමාගම (RCT) සමග අත්වැල් බැඳගෙන තිබේ.
නව අංගනය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා හසුරුවන සියලුම දේශීය ආනයන හා අපනයන බහාලුම් සඳහා සංකේන්ද්‍රිය පරීක්ෂණ ස්ථානයක් ලෙස ක්‍රියා කරමින්, ශ්‍රී ලංකාවේ දකුණු පළාත සඳහා ප්‍රධාන සැපයුම් දොරටුවක් ලෙස වරායේ කාර්යභාරය තවත් ශක්තිමත් කරනු ඇත.
මෙම රු.බිලියන 1 ක ව්‍යාපෘතිය, මෙහෙයුම් කාර්යක්ෂමතාව, නියාමන අනුකූලතාව සහ වෙළඳ පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශය තුළ ඇති කැපවීම පිළිබිඹු කරයි. ශ්‍රී ලංකා රේගුව සහ බහාලුම් පරීක්ෂාවට සම්බන්ධ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමඟ සමීප සහයෝගයෙන්, RCT සමාගම නවීන තාක්ෂණ සහ යටිතල පහසුකම් අනුකලනය කිරීමට කටයුතු කරනු ඇත. නව අංගනයට මුල්ගල් තැබීමේ උත්සවයට රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා රේගු නිලධාරීන් ද සහභාගී විය.
"නව අංගනයේ ඉලක්කය වන්නේ, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට සේවා සැපයීමයි. කොළඹ වරාය මුහුණ දෙමින් සිටින අතිරික්ත සැපයුම් පීඩනය අඩු කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායට බහාලුම් බඩුතොග පරීක්ෂා කිරීමේ කාර්යක්ෂම විකල්පයක් ලබා දීම අපගේ අරමුණයි" යනුවෙන් RCT හි සභාපති රවී විජේරත්න මහතා පැවසීය.
“හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහා අපගේ මුල් ප්‍රධාන සැලැස්මට, බහාලුම් අංගනය විශාල කිරීම ඇතුළත්” යැයි HIPG හි ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් මහතා පැවසීය. "කලාපයේ වර්ධනය වන සැපයුම් ඉල්ලුම සපුරාලීමට වරායට ඇති හැකියාව, මේ ගොඩනැගීම් සියල්ල තුළින් වඩාත් ශක්තිමත් වනවා මෙන්ම, දකුණු ප්‍රදේශයේ වෙළඳ හා කාර්මික වර්ධනය වෙනුවෙන් ප්‍රධාන පහසුකම් සපයන්නෙකු ලෙස HIP හි ස්ථාපිතය තහවුරු කරනවා."
1994 දී ආරම්භ වූ රැන්ක් කන්ටේනර් ටර්මිනල්ස් පුද්ගලික සමාගම, කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අභ්‍යන්තර භාණ්ඩ නිශ්කාශන මධ්‍යස්ථානය (Inland Clearance Depot) ක්‍රියා කරන්නා වන අතර, රට තුළ දැවැන්තම ආනයන පරීක්ෂණ පහසුකම් සලසන්නා ලෙසද පිළිගැනේ. ශ්‍රී ලංකා රේගුව සහ අනෙකුත් බලධාරීන් ඇතුළු සියලුම ප්‍රධාන රජයේ සහ නියාමන ආයතන සඳහා පහසුකම් සැපයීමට හැකි ශ්‍රී ලංකාවේ එකම පර්යන්තය ද RCT වේ.
මෙම අත්දැකීම උපයෝගී කර ගනිමින්, තම සාර්ථක “එක් ස්ථානයේ සියලු සේවාවන්” සැපයීමේ ආකෘතිය හම්බන්තොට ප්‍රතිවලිත කිරීමට RCT සැරසෙයි. අතිශයින් සංකලිත පරිසර පද්ධතියක් තුළ, කාර්මික, මෝටර් රථ, බලශක්ති සහ බහාලුම් මෙහෙයුම් සම්බන්ධ කරමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය තුළ බහුකාර්ය සමුද්‍රීය සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස අඛණ්ඩව ස්ථානගත වෙමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

