හදිසි ආපදාවන්ට ලක්වූ ජනාවාස ප්‍රතිනිර්මාණයට
හදිසි ආපදාවන්ට ලක්වූ ජනාවාස ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් නිවාස හිමියන් මූලික කරගත් නිවාස ප්‍රතිනිර්මාණය කිරීම තුළින් සංවර්ධනය උදෙසා යන තේමාව යටතේ එළඹෙන මාර්තු 24 සහ 25 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට නියමිතය.
යුරෝපා සංගමය, ස්ටිස් ආයතනය හා ඔස්ට්‍රේලියානු රජය මගින් මූල්‍ය සහාය ලබාදෙන මෙම සමුළුව ආපදා හා ගැටලු වලට මුහුණ දුන් ජනතාව ප්රතිස්ථානය කිරීමේදී ජාත්‍යන්තර, ජාතික හා කලාපීය වශයෙන් ලබාගත් අත්දැකීම් හුවමාරු කර ගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, තායිලන්තය, ලතින් ඇමරිකාව, අග්නිදිග ආසියාතික රටවල ක්‍රියාත්මක යළි පදිංචි කිරීමේ වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කරන මෙහි සමාරම්භය 29 වැනිදා ප.ව. 9.00 ට කොළඹ, සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී සිදුවේ. ඒ සඳහා යළි පදිංචි කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය බළකායේ ලේකම් එස්.බී. දිවාරත්න, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ඩේවිඩ් ඩාලි, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රෙබින් මුඩ්, ශ්‍රී ලංකා ස්ටිස් තානාපති තෝමස් ලිට්ස්චර් යන මහත්වරු ඒ සඳහා එක්වනු ඇත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

