සෙලින්කෝ ලයිෆ් 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය ලබයි
සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත.
මෙම සම්මානය මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම ලොව වඩාත්ම ගෞරවනීය ජීවිත රක්ෂණ සමාගම් අතරට ශ්‍රේණිගත කර ඇති අතර කැනඩාවේ සන්ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ ඇසෙන්ඩා, චීනයේ චයිනා පැසිෆික් ඉන්ෂුවරන්ස්, ප්‍රංශයේ CNP ඇෂුවරන්ස්, ජර්මනියේ ටැලන්ස්ක් සමූහය, ඉන්දියාවේ මැක්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්, ජපානයේ නිපොන් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, ස්විස්ටලන්තයේ සුවිස් ලයිෆ්, එක්සත් රාජධානියේ අවිවා සහ ඇමරිකා එක්සත් ජනපදයේ මාස්මියුචුවල් වැනි ගෝලීය ජයග්‍රාහකයින් අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම එක්විය.
මෙම නව සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් විධායක සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, “වසර දොළහක් මුළුල්ලේ අඛණ්ඩව මෙම ජාත්‍යන්තර පිළිගැනීම දිනා ගැනීම අපගේ මෙහෙයුම් සංස්කෘතියේ සහ අපගේ දිගු කාලීන උපාය මාර්ගයේ සාර්ථකත්වය පෙන්නුම් කරනවා. අපගේ අවධානය එල්ල වී ඇත්තේ වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආයතනික පාලනය සහ අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ හා සේවය සලසන ප්රජාවන්ගේ අවශ්‍යතා සමඟ ගැඹුරු ලෙස පෙළ ගැසෙන ජිවීත රක්ෂණ ව්‍යාපාරයක් ගොඩනැගීමටයි.” යනුවෙන් පවසා සිටියේය.
වර්ල්ඩ් ෆයිනෑන්ස් සම්මානය මගින් මෙහෙයුම් විශිෂ්ටත්වය, මූල්‍ය ශක්තිය සහ පාරිභෝගික සේවය සඳහා ශක්තිමත් කැපවීමක් නිරතුරුවම පෙන්නුම් කරන සමාගමක් ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම හඳුනා ගනී.
ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ ප්රාරක්ෂණ කාර්යක්ෂමතාව, ප්‍රතිපත්ති නඩත්තු ක්‍රියාවලීන්, අවදානම් වලට නිරාවරණය වීම, ගනුදෙනුකරුවන් රඳවා ගැනීම, හිමිකම් පියවීමේ කාලරාමු, නව ගනුදෙනුකරුවන් අත්පත් කර ගැනීම සහ වාරික ආදායම, වෙළඳපල කොටස, ජීවිත අරමුදල් වර්ධනය සහ ලාභදායීතාවය මගින් මනිනු ලබන මූල්‍ය ස්ථාවරත්වය ඇතුළු බහු කාර්ය සාධන දර්ශකවල දැඩි තක්සේරුවකින් පසුවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
