සෙලින්කෝ ලයිෆ් හි උපදේශක ධුරයට ආචාර්ය කැලුම් සේනානායක
සෙලින්කෝ ලයිෆ් හි නව උපදේශකවරයෙකු ලෙස ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය කැලුම් සේනානායක මහතා පත් කර ඇති බව නිවේදනය කරයි. මෙම පත්කිරීම මගින් සමාගමේ හැකියාවන් වර්ධනය කිරීම, පුහුණු විශිෂ්ටත්වය, නිෂ්පාදන නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි ඇති උපායමාර්ගික අරමුණු තවදුරටත් ශක්තිමත් කර ඇත.
සිය නව තනතුර යටතේ ආචාර්ය සේනානායක මහතා මූලික වශයෙන් සෙලින්කෝ ලයිෆ් හි පුහුණු කටයුතු අධීක්ෂණය සමඟ පුහුණු කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරමින් පුහුණුවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව නිරන්තරයෙන් වැඩි දියුණු කිරීම සඳහා මාර්ගෝපදේශ, උපදෙස් සහ නව අදහස් ලබා දෙනු ඇත. අවශ්‍ය අවස්ථාවන් හිදී රක්ෂණ ක්ෂේත්රයේ පුළුල් අත්දැකීම් උපයෝගී කර ගනිමින් නිෂ්පාදන සැලසුම් සහ සංවර්ධන මුලපිරීම් සඳහාද ඔහු සහාය වනු ඇති බව සමාගම පවසයි.
රක්ෂණ ක්ෂේත්රයේ වසර 40කට අධික පළපුරුද්දක් ඇති ආචාර්ය සේනානායක මහතා උපායමාර්ගික නායකත්වය සහ මෙහෙයුම් විශේෂඥතාව පිළිබඳ විශාල අත්දැකීම් සමඟින් සෙලින්කෝ ලයිෆ් වෙත එක් වෙයි. දින 133ක කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්රයේ Million Dollar Round Table (MDRT) තත්ත්වය ලබාගත් පළමු හා එකම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එතුමා ගෞරවයට පාත්‍ර වෙයි.
ආචාර්ය සේනානායක මහතා මීට පෙර ආර්පිකෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි විධායක අධ්යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන නිලධාරී ලෙස සේවය කර ඇති අතර රිචඩ් පීරිස් බෙදාහරින්නන්ගේ සහ රිචඩ් පීරිස් මූල්‍ය සමාගමේ අධ්යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇත.
සිය වෘත්තීය ජීවිතය 1982 දී ජාතික රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නියෝජිතයා වූ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ලිමිටඩ් හි දී ආරම්භ කළ අතර පසුව යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී හා එක්ව වසර 27 කට වැඩි කාලයක් තුළ සහකාර සාමාන්‍යාධිකාරී තනතුර දක්වා උසස් වීම් ලබා ගනිමින් තම සේවය ලබා දී ඇත. ඉන්පසු ඔහු AIA ඉන්ෂුවරන්ස් ලංකා හි සාමාන්‍යාධිකාරී - මෙහෙයුම් ලෙස සම්බන්ධ වී දශකයකට වැඩි කාලයක් තුළ අධ්යක්ෂ-මෙහෙයුම් තනතුර දක්වා උසස් විය.
ආචාර්ය සේනානායක මහතා සිය වෘත්තීය ජීවිතය තුළදී Munich Re, Hannover Re සහ Reinsurance Group of America ඇතුළු ප්රමුඛ පෙළේ ගෝලීය ප්රතිරක්ෂණ සමාගම් සමඟ ශක්තිමත් ක්‍රියාකාරී සබඳතා ගොඩනඟා ගෙන ඇත. නව ව්‍යාපාර ප්රාරක්ෂණ, රක්ෂණ ඔප්පු හිමියන්ට සේවා සැපයීම, හිමිකම්, කණ්ඩායම් ජීවිත ප්රාරක්ෂණ, නිෂ්පාදන සංවර්ධනය, ප්රතිරක්ෂණ, සම්බන්ධතා මධ්‍යස්ථාන, පාරිභෝගික අත්දැකීම් සහ අනෙකුත් තීරණාත්මක මෙහෙයුම් ක්ෂේත්‍ර පාලනය කරන ක්‍රියාවලීන් සංවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇති අතර, එමඟින් උපායමාර්ගික සහ ප්‍රායෝගික මෙහෙයුම් අවබෝධය යන දෙකෙහිම දුර්ලභ ගැඹුරක් ඔහු සතු වෙයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ආචාර්ය සේනානායක මහතා වර්ල්ඩ්වීව් ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක්ද හිමි අයෙකි. රක්ෂණ කර්මාන්තය තුළ ඔහුගේ සුවිශේෂත්වය අගයමින් ලන්ඩන් සාම විශ්ව විද්‍යාලය විසින් ඔහුට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. එක්සත් රාජධානිය, ජර්මනිය, ජපානය, සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල වෘත්තීය රක්ෂණ පුහුණුව ලබා ඇති ඔහු තම වෘත්තීය ජීවිතය තුළ රක්ෂණ වෘත්තිකයන් 20,000 කට අධික සංඛ්‍යාවක් පුහුණු කර ඇති ගෞරවනීය පුහුණුකරුවෙකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

