සෙලින්කෝ ලයිෆ් අලෙවි වෘත්තිකයන්ට 2026 SLIM ජාතික විකුණුම් සම්මාන 6ක්
ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වෙළෙඳපොළ ප්රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි වෘත්තිකයන් හය දෙනෙකු ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2026 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන හයක් දිනා ගනිමින් සිය විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් ජාතික ඇගයීමට ලක්විය.
කාණ්ඩ තුනක් යටතේ මෙම සම්මාන දිනාගත් සෙලින්කෝ ලයිෆ් සමාගමේ අලෙවි කණ්ඩායමේ සම්මානලාභීන් සමාගමෙහි වෙන්නප්පුව, මිද්දෙණිය, මීගමුව සහ නුගේගොඩ ශාඛා නියෝජනය කරයි.
වෙන්නප්පුව ශාඛාවේ ලසිත ප්රනාන්දු මහතා ටෙරිටරි මැනේජර් අංශයෙන් රිදී සම්මානයක් දිනාගත් අතර මිද්දෙණිය ශාඛාවේ ජේ.ඒ. රත්නසිරි මහතා විකුණුම් විධායක අංශයෙන් රිදී සම්මානයක් ද එම කාණ්ඩය යටතේම මීගමුව ශාඛාවේ කේ.ඩී.එල්.එන්. ඉනෝකා මහත්මිය කුසලතා සම්මානයකින් පිදුම් ලැබුවාය.
ෆ්රන්ට්ලයිනර් කාණ්ඩය යටතේ මීගමුව ශාඛාවේ රශ්මි සුරවීර මහත්මිය ලෝකඩ සම්මානය දිනාගත් අතර නුගේගොඩ ශාඛාවේ කුමුදුනි රත්නායක මහත්මිය සහ කොළඹ විශේෂ අලෙවි ශාඛාවේ ෂර්මන් රුක්ෂාන් මහතා කුසලතා සම්මාන හිමිකර ගත්හ.
සෙලින්කෝ ලයිෆ් සමාගම 2011 වසරේ සිට SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලට සහභාගී වී ඇති අතර මෙම සම්මාන උළෙල මීට පෙර ජාතික විකුණුම් සම්මේලන (NASCO) සම්මාන උළෙල ලෙස හැඳින්විනි. එතැන් සිට වසර ගණනාවක් පුරා දිවයින පුරා පිහිටි සෙලින්කෝ ලයිෆ් සමාගමේ ශාඛාවල සේවකයන් විවිධ සම්මාන කාණ්ඩ යටතේ ඇගයීමට ලක්වී ඇත. සමාගම මෙම සම්මාන උළෙලේදී අඛණ්ඩව කැපී පෙනෙන ජයග්රහණ වාර්තා කිරීම එහි අලෙවි කාර්ය මණ්ඩලයේ දක්ෂතාව සහ හැකියාව මනාව පිළිබිඹු කරයි.
ඡායාරූප විස්තරය - SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ ජයග්රහණය ලැබූ සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමේ සාමාජිකයන්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
