සුවජීව - දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පෙළක්
Hemas Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Hemas Pharmaceuticals (පුද්) සමාගම, "සුවජීව" දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා මෑතකදී Medihelp Hospitals සමඟ අත්වැල් බැඳගත්තේය.
ඒ අතරින් පළමු වැඩසටහන ඔක්තෝබර් 23 වැනි දින කොළඹ 02 හි Medihelp Wellness Centre හිදී පැවැත්වුණු අතර, දෙවැනි වැඩසටහන ඔක්තෝබර් 28 වැනි දින බණ්ඩාරගම Medihelp රෝහලේදී සහ තෙවැනි වැඩසටහන ඔක්තෝබර් 30 වැනි දින හෝමාගම Medihelp රෝහලේදී පැවැත්විණි. දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට උපකාර කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව යටතේ සෞඛ්‍ය සේවා රැසක් නොමිලේ ලබාදෙන ලදී.
දියවැඩියා පරීක්ෂාවන් සහ දියවැඩියාව කල්තියා හඳුනා ගැනීමේ පරීක්ෂාවන්ට අදාලව රුධිරගත සීනි පරීක්ෂාව (RBS), රුධිර පීඩනය, ශරීර ස්කන්ධ දර්ශක ගණනය (BMI) සහ ග්ලුකෝමා හා රෙටිනෝපති පරීක්ෂාවන් ආදිය නොමිලේ සිදුකර ගැනීමට රෝගීන්ට මෙහිදී අවස්ථාව හිමිවිය. එමෙන්ම සෞඛ්‍ය පරීක්ෂාවන්ට සීමා නොවී වඩාත් පුළුල් පරාසයක පැතිරුණු සෞඛ්‍ය හා සුවතා සේවාවන් ලබාදීමේ අරමුණින් වෛද්‍ය, පෝෂණ හා ජීවන රටා ඇතුළු විවිධ අංශවලට අයත් සේවා රැසක්ද මෙහිදී ලබාදෙන ලදී.
"ඖෂධ බෙදාහැරීමේ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වශයෙන්, දියවැඩියාව පාලනය කිරීමේ සහ දියවැඩියා රෝගීන්ට සහනයක් ලබාදීමේ උත්සාහයන්ට දායකවීම අපගේ වගකීමක් ලෙස අප දකිනවා. ‘සුවජීව’ දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන හරහා රෝගීන්ගේ ජීවිත පහසු කිරීමට පමණක් නොව, අනාගතයේදී මහා පරිමාණ වැඩසටහන් සඳහා අඩිතාලමක් බවට පත්වීමේ හැකියාව ඇති සේවාවන් රැසක් හඳුන්වා දීම අපගේ අරමුණයි.” යැයි Hemas Pharmaceuticals හි කළමනාකාර අධ්යක්ෂ වෛද්‍ය මහේෂ රණසෝම මහතා පැවසීය.
Medihelp Hospitals සමග එක්ව ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහන, ජනතාවට සුවපත් ජීවිත ගතකිරීමට අවස්ථාව උදාකර දීම අරමුණු කරගත් Hemas Pharmaceuticals මෙහෙවර මැනැවින් පිළිබිඹු කරන වැඩසටහනක් ලෙස හැඳින්විය හැක. සෑම පුරවැසියෙකුටම ශාරීරික සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා ඇති අයිතිය තහවුරු කරමින්, දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ට තම ජීවිත වඩාත් යහපත් කරගැනීම සඳහා අවශ්‍ය මූලික සහයෝගය එමගින් ලබාදෙන ලදී.
"මෙම වැදගත් සමාජ මෙහෙවර දියත් කිරීම සඳහා Hemas Pharmaceuticals සමඟ අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රාථමික සත්කාර සේවා ජාලය ලෙස, රටේ විශාල පිරිසකට ගුණාත්මක සෞඛ්‍ය සේවා පිරිනැමීම සඳහා අප දරන උත්සාහය සමඟ මැනැවින් සමපාත වන වැඩසටහනක්. විශේෂයෙන්ම බෝ නොවන රෝග [Non-communicable diseases (NCDs)] කල්තබා හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ අරමුණින්, එබඳු රෝග සඳහා පරීක්ෂණ සිදුකිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අප විශාල අවධානයක් යොමුකර තිබෙනවා. ඉදිරියේදී දෙපාර්ශ්වයටම පොදු ඉලක්ක ඔස්සේ, ඵලදායී සෞඛ්‍ය සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීම සඳහා ජනතාවට ඇති විශ්වීය අයිතිය තහවුරු කිරීම අපගේ අරමුණයි.” යැයි Medihelp Hospitals හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසීය.
පරීක්ෂාවන්ට අමතරව මෙම වැඩසටහනට සහභාගී වූවන්ට තමන් විසින්ම දියවැඩියාව කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය දැනුම හා මගපෙන්වීමද ලබාදෙන ලදි. එහිදී නිතිපතා ප්‍රතිකාර ගැනීමට ඔවුන් දිරිගැන්වීමට අමතරව, දියවැඩියාව සහ ඒ ආශ්රිත සංකූලතා සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමද සිදුකෙරිණි. මෙම වැඩසටහන, ජනතාවට වඩාත් පහසුවෙන් සෞඛ්‍ය සේවා සහ ඒ ආශ්රිත තොරතුරු ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා Hemas Pharmaceuticals දරන නිරන්තර උත්සාහයේ නවතම පියවර ලෙසද හැඳින්විය හැකි වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

