සියැට් කැලණි GRIPP X5 සහ ZOOM X5 යතුරුපැදි ටයර් පෙළ
වෙනස් වන රිය පැදවීමේ අවශ්‍යතා වෙනුවෙන් ඉහළ ධාවන හැකියාවක්, වැඩි ආරක්ෂාවක් සමඟින් උසස් කාර්යසාධනයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති සියැට් ‘GRIPP’ සහ ‘ZOOM’ යතුරුපැදි සහ ස්කූටර් ටයර් පරාසයේ නවතම X5 මාදිලිය හඳුන්වා දෙමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ යතුරු පැදි ටයර් වෙළෙඳපොළ තුළ තම නායකත්වය ශක්තිමත් කරගෙන තිබේ.
වැඩිම දුරක් ධාවනය, පාලනය කිරීමේ හා හැරවීමේ පහසුව, ඉහළ ආරක්ෂාවක් සහ උසස් පෙනුමක් සහිත ටයර් සඳහා තරුණයින් සහ නාගරික පදිංචිකරුවන් අතර ඉල්ලුම මෙම නව ටයර් මාදිලිය තුළින් සපුරාලන බව සමාගම පවසයි. ශ්‍රී ලංකාවේ මාර්ග වල තත්ත්වය සහ කාලගුණික තත්ත්වයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති මෙම GRIPP X5 සහ ZOOM X5 ටයර් මාදිලි, වියළි සහ තෙත් පෘෂ්ඨ වර්ග දෙකෙහි දීම ස්ථාවරව ක්‍රියාත්මක වන අතර තිරිංග වල කාර්යක්ෂමතාවය සමඟ මනා සමතුලිතතාවයක් ලබා දෙමින් එදිනෙදා ගමනාගමනය සහ විවේකී ගමන්වල පහසුව වැඩි කරන බව ද සමාගම පවසයි.
මෙම නවතම මාදිලිය පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා, “දිනෙන් දින වෙනස් වන ශ්‍රී ලංකාවේ යතුරු පැදි වෙළෙඳපොළෙහි ධාවකයින්ගේ අපේක්ෂාවන් කෙරෙහි අප දක්වන තියුණු අවධානය මෙම නව ටයර් මාදිලිය හරහා පිළිබිඹු වෙනවා. ධාවනයේ රටා වෙනස් වෙමින්, ඉහළ කාර්යසාධන තත්ත්වය, ආරක්ෂාව සහ උසස් ගණයේ කට්ට රටා සඳහා ඇති ඉල්ලුම වර්ධනය වන අවස්ථාවක, මෙම ටයර් මාදලිය මගින් මෙරට මාර්ග පද්ධතියට ගැලපෙන සහ පාරිභෝගික අවශ්‍යතාවලට ද ප්‍රතිචාර දක්වන ගෝලීය මට්ටමේ නිර්මාණමය හා ඉංජිනේරු විසඳුම් අපි ලබා දී තිබෙනවා.” යැයි පවසා සිටියේය.
ZOOM X5 ටයරය ඉදිරිපස රෝද සඳහා සවි කිරීමට නිර්මාණය කර ඇති අතර ස්ථාවර බව සහ නිවැරදිව හැසිරවීමේ හැකියාව මනාව ලබා දීම අරමුණු කර ගනිමින් වැඩි දියුණු කර ඇත. එය සෘජු ධාවන පථයක ගමන් කිරීමේ දී ඉහළ පාලනයක් සහ ඉහළ ජල විසරණය නිසා තෙත් මාර්ගවලදී හැසිරවීමට හොඳ හැකියාවක් ලබා දෙන අතර රථවාහන තදබදයකදී හරවන දිශාවන් එකළඟ වෙනස් කිරීමට සිදුවන විට මෙන් ම වංගුවලදී නිසි පාලනයකින් යුතුව හැරවීමට ද ධාවකයාට වැඩි විශ්වාසයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.
පසුපස රෝදයට යෙදීම සඳහා නිර්මාණය කර ඇති GRIPP X5 ටයරය, යතුරු පැදියේ හා මගීන්ගේ බර දරාගනිමින් කම්පනය, පාලනය සහ කල්පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය වූවකි. එමගින් රේඛීය මාර්ගයකදී ඉහළ කාර්යසාධනයක් මෙන් ම, ඇලවීමකදී වඩා හොඳ පාලනය සහ තෙත් මාර්ගවලදී ආරක්ෂාව වැඩි කිරීම සඳහා නිර්මාණය කර ඇත. එමෙන් ම වියළි මාර්ග මත ගමන් කිරීමේ දී ද මෙම ටයර විශේෂ කාර්යසාධනයක් ලබා දෙනු ඇත. මෙම විශේෂාංග සියල්ල එකට එක් වූ විට, වැඩි සැතපුම් ගණනක් වේගයෙන් හා ස්ථාවරව ධාවනය කිරීමට සහ විශ්වාසනීය තිරිංග ක්රියාකාරීත්වයක් ලබා දීමට සහය වනවාක් මෙන් ම, GRIPP X5 ටයරය දෛනික කෙටි ගමන් මෙන් ම දිගු දුර ගමන් යන දෙකටම ද සුදුසු වේ. කාර්යසාධනයට අමතරව මෙම ටයර් මාදිලි දෙකෙහි ම වැඩිදියුණු කරන ලද පැති බිත්ති සහ කට්ට රටා නිර්මාණ මගින් යතුරුපැදි සහ ස්කූටර් සඳහා සුවිශේෂී වූ උසස් ගණයේ පෙනුමක් ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය යතුරුපැදි මාදිලි බොහොමයක් සඳහා සුදුසු වන මෙම උසස් ගණයේ ටයර් පරාසය ප්‍රමාණ හතරකින් යුක්ත වේ. එම මාදිලි හතර GRIPP X5 3.00-17 ප්‍රමාණය, 100/90-17 ප්‍රමාණය සහ 90/100-10 ප්‍රමාණය සහ ZOOM X5 2.75-17 ප්‍රමාණයෙන් ලබාගත හැක.
GRIPP X5 සහ ZOOM X5 හඳුන්වා දීමෙන් සියැට් කැලණි යතුරු පැදි ටයර් ක්ෂේත්රයේ සිය නායකත්වය තවදුරටත් ශක්තිමක් කර ඇත්තේ මෙසේ කාර්යසාධනය, ආරක්ෂාව, කල්පැවැත්ම මෙන් ම උසස් තත්වයේ විලාසිතාව යන සියල්ල ඒකාබද්ධ කර පාරිභෝගිකයා වෙත පිරිනමන ටයර් මාදිලියක් සමඟිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
