සියැට් කැලණි දීර්ඝකාලීන සේවක හා විශිෂ්ට කාර්යසාධන ඇගයීම් සිදුකරයි
ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සිය 2026 වසරේ දීර්ඝකාලීන සේවා සම්මාන සහ විශිෂ්ට සේවක සම්මාන උළෙලේදී සේවකයන්ගේ විශ්වාසවන්තභාවය හා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් සේවකයින් ප්රමුඛ කරගත් ආයතන සංස්කෘතිය පිළිබඳ තම කැපවීම යළිත් තහවුරු කර තිබේ.
සමාගම සමඟ වසර 5ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයන් 25දෙනෙකු, වසර 10ක සේවා කාලයට ළඟා වූ සේවකයන් 19දෙනෙකු සහ වසර 25ක විශිෂ්ට සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන් 32දෙනෙකු සමන්විත සේවකයන් 76දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් සම්මානයට පාත්රවූ සේවක සංඛ්‍යාව තුළින් ආයතනය කෙරෙහි සේවකයන් සතු ගැඹුරු විශ්වාසවන්තභාවය සහ දීර්ඝකාලීන කැපවීම මනාව පිළිබිඹු කරයි.
සමස්ත සේවක පිරිසෙන් සියයට 20කට ආසන්න පිරිසක් වසර 15කට වැඩි කාලයක් සේවය කර ඇති අතර කර්මාන්ත ක්ෂේත්රයේ සාමාන්‍ය ප්රමිතීන් ඉක්මවා යන මෙම සේවක රඳවා තබාගැනීමේ අනුපාතය දක්ෂ මානව සම්පත් ආකර්ෂණය කර ගැනීමට, ඔවුන් සම්බන්ධ කර තබා ගැනීමට සහදීර්ඝකාලීනව රඳවා තබා ගැනීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සතු හැකියාව පිළිබිඹු කරයි.
මෙම උත්සවයේදී දෙපාර්තමේන්තු 13ක් නියෝජනය කරමින් විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ සේවකයන් 14 දෙනෙකු සම්මානයට පාත්‍ර කරමින් මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට කාර්යසාධනයක්, නවෝත්පාදන හැකියාවක්, කැපවීමක් සහ ව්‍යාපාරික සාර්ථකත්වයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් පුද්ගලයන් ද ඇගයීමට ලක් කෙරිණි. මෙම සම්මාන මගින් විවිධ අංශ ආවරණය කරමින් විකුණුම්, අලෙවිකරණ හා අපනයන, තාක්ෂණික, තත්ත්ව සහතික කිරීම, තත්ත්වය මත පදනම් වූ කළමනාකරණය, කැලණිය හා කළුතර නිෂ්පාදන මෙහෙයුම්, ස්ථාන දෙකෙහිම ඉංජිනේරු අංශ, සැපයුම් දාම කළමනාකරණය, මූල්‍ය, තොරතුරු තාක්ෂණය, ප්‍රසම්පාදන සහ මානව සම්පත් යන අංශවල සේවකයන්ගේ දායකත්වය ඇගයීමට ලක් විය.
“දීර්ඝකාලීන සේවය මෙන්ම විශිෂ්ට කාර්ය සාධනය නිර්න්තරයෙන් ඇගයිමට ලක් කිරීම තුලින් අධිෂ්ඨානශීලී, ජයග්‍රහණ අත්පත් කර ගැනීම හා අඛණ්ඩ වැඩි දියුණු කිරීම් සඳහා අභිප්‍රේරණයක් ඇති කරන නිර්මාණශීලී සේවා සංස්කෘතියක් බිහිකල හැකි බව සමාගමේ විශ්වාසය බව සියැට් කැලණි හෝල්ඩිංග්ස් උප සභාපති - මානව සම්පත්, තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ මහතා පැවසීය.
සේවක සහභාගීත්ව කළමණාකරණය, පුහූණුවීම් හා සංවර්ධනය, සේවක සුභසාධනය හා යහපැවැත්ම සහ වෘත්තීය ජීවිතයේ අභිවෘද්ධිය සාක්ෂාත් කරගැනීම සඳහා ඉඩ ප්රස්ථා සහ අවකාශ නිර්මාණය කිරීම යන කරුණු කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීම යන සුවිශේෂී ක්‍රමවේද, සමාගමේ අභිමතාර්ථ කර ගැනීම සඳහා උත්කෘෂ්ඨ කැපවීමකින් යුත් ඉහළඅභිප්රේරණයකින් සමන්විත ධනාත්මක සේවක සමූහයක් බිහිකිරීමට ඉවහල් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
